Thursday, February 28, 2013

අපිට පිස්සු ඕයි !!!


පිස්සුද ඕයි?
මම එහෙම ඇහුවේ උස්මාන්ගෙන්
මිනිහා මට ලව් ලු
අයි වෝන්ට් ටු මැරී යු ලු
වෙලාවකට මට හිතෙනවා
ඇත්තටම මට පිස්සුද කියලා
පිස්සෝ එක්ක කතා කරලා
පිස්සුද අහන්නේ


ඔය වෙලාවට තමා හිතෙන්නේ
නොරිස් කැනල් එකට පනින්න
ඉතින් පැනපන් මගේ යාළුවො කියනවා
තමුසෙලාට පිස්සුද
එකේ කොහෙද වතුර

අහන අහන එකාට පිස්සු ලු
අපි ඔක්කොටම පිස්සු
එතකොට  පිස්සන් කොටුවේ ඉන්නේ
පිස්සෝ නෙමේ ද? නෑ ඕයි
උන්ටත් පිස්සු,  අපිටත් පිස්සු
මේක හරියන්නේ නෑ
මගේ මොලේ මඤ්ඤං වෙනවා

මට පිස්සු වගේ ඕයි
වගේ නෙමේ ඕයි
හොදටම පිස්සු ඕයි!!!

Wednesday, July 11, 2012

෴ අළුත් වැඩක් ෴


වසරක් පුරාවට අප දෙසවන් පිනවන්නේ
සැමදා නව මිහිරක් අප වෙතගෙන එන්නේ  
බ්ලොග් මිතුරු මිතුරියන් හට ගැලපෙන්නේ  
බ්ලොග් සම්මාන උළෙලකටයි සැරසෙන්නේ  


වැඩි විස්තර පහතින් දැක්වෙන්නේ  
කැමති ලෙසට ඔබ තෝරා ගන්නේ  
මිතුරු මිතුරියන් හට පවසමිනේ  
අදම ලියාපදිංචිය සඳහා යන්නේ  

  
බස් රේඩියෝ වර්ෂපුර්ණයට සමගාමිව ක්‍රියාත්මක කිරීමට යන බස් රේඩියෝ බ්ලොග්සම්මාන උළෙල සඳහා ඔබත් http://syndi.buzzradio.lk/වෙත පිවිස අදම ලියාපදිංචි වන්න.

බස් රේඩියෝ බ්ලොග් සම්මා උළෙලට සමගාමීව බ්ලොග් සතියක් ජුලි මස 7  සිට 14  දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා  ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,  එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.



අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.

අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk


ප.ලි - කාලෙකින් බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් පොස්ට් එකක්.. 

Monday, June 11, 2012

෴ තවත් මොහොතකින් ෴



සුදෝ සුදු පුළුන් වලා 
පසුකර වේගයෙන්
තවත් මොහොතකින්
පියාසර කරයි නුඹ 
වෙනත් දේශයකට..
අතිනත පටලා 
ඇවිද ගිය මංමාවත්වල
ඇවිද යමි මා 
සොඳුරු මතකයන් සිහිකර.... 


Sunday, March 25, 2012

෴ ආදරණිය දියණියනි ෴




පුංචි තරු දෙනෙත් 
විහිදා ලෝකය දෙසට 
පැමිණියා ඔබ 
අපේ ලොවට... 
සිනිදු දෙකොපුල් 
සිඹිමින්  පවසමි 
ආදරණිය දියණියනි 
රකිමි ඔබ සැමදා 
මගේ පණ මෙන්.... 

ප. ලි - 2010 මාර්තු 25 පටන් ගත්ත මගේ බ්ලොග් එකට අදට අවුරුදු දෙකයි. පොස්ට් 100 ක් නම් තාම ලියාගන්න බැරි උනා.. ඉතින් මේ අවුරුදු දෙක පුරාවට මගේ එක්ක සිටි ඔබ සැමට ගොඩක් ස්තුතියි!

Thursday, March 15, 2012

෴ මේ දවස් වල ජිවිතේ ෴





උදේම නැගිටලා,
බස් එකේ ෆුඩ් බෝර්ඩ් එකේ
එල්ලිලා, තෙරපිලා
යන්තම් බස් එකෙන් බැහැගෙන
ටික දුරක් දුවගෙන
වෙලාවට ඔෆිස් ගිහින්...

ටෙන්ඩර්, පර්චස් ඕඩර්, කෝල්,
ටීටී, බිඩ් බොන්ඩ්, එල්සී
හර, බැර අස්සේ
දවසම ගෙවිලා...

පොතක් පතක් කියවන්න 
නිදහසේ රස්තියාදුවක් ගහන්න 
කෝ දැන් වෙලාවක්..

හෆ්ෆේ ජිවිතේ
ක්‍ෂය වෙලාම
යයි වගේ..

ප.ලි - මේක වගේම තමා  මේ දවස් වල මගේ ජීවිතෙත් මෙලෝ රහක් නෑ.. සමහරු මට චෝදනා කරනවා කතා කරන්නේ නෑ.. පොස්ට් වලට කමෙන්ට් නෑ කියලා... මේ දවස් වල මගේ දවස ගෙවෙන හැටි ඉතින්  දන්නෝ දනිති...